
දිවයින පුරා රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය ඇතුලු අනෙකුත් සෑම විෂයක් සඳහාම ගුරුවරුන්ගේ පුරප්පාඩු පවතින බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ.
මේ අතර අනුප්රාප්තිකයින් නොමැතිව ගුරුවරුන්ට මාරුවීම් ලබා ගැනීමට නොහැකිව තිබෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිංන් පවසනවා.

ඒ හේතුවෙන් ගුරුවරු බොහෝ දෙනෙකුට නවක ගුරුවරු බඳවා ගන්නා තෙක් බලා සිටීමට සිදුව ඇති බවයි ඔහු පෙන්වා දේනනේ.
source :- https://tinyurl.com/2mm4b6rx







