විදෙස්ගතවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ 20 හැවිරිදි තරුණියක් හංවැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ඩුබායි හී සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයට සම්බන්ධ වී සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ උපාධිධාරී තරුණිය හංවැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්ද සමඟයි.

පෞද්ගලික ඔත්තුකරුවෙකු ලබා දුන් ඔත්තුවක් මත පොලිස් අත්අඩංගුවට පත්වූ ඇය මෙලෙස අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇත්තේ ඩුබායි හී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සම්බන්ධතා මත බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඇගේ ඥාති සොහොයුරෙකුගේ සම්බන්ධතාවක් මගින් අදාළ ජවාරම්කරුව ඇය හඳුනාගෙන ඇති බවට තොරතුරු සඳහන්.

20 හැවිරිදි වියෙහි පසුවන ඇය උපාධි දෙකක් හිමි තරුණියක් ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

විදෙස්ගතවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව ඇය පැවසූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

source :- https://tinyurl.com/2zck4fr3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here