
දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය යාමේ සිද්ධියක් මඩකලපුව වෙල්ලාවලි ප්‍රදේශයෙන් වාර්තා වුණා.
පොලිසිය ප්‍රකාශ කළේ මෙම දරුවා මෙම අනතුරට මුහුණ දී ඇත්තේ දෙමව්පියන් නිවසේ සිටියදී බවයි.
නිවස අසල පිහිටි ඇළ ආසන්නයේ ඊයේ පස්වරුවේ සෙල්ලම් කරමින් සිටියදීයි මෙම දරුවා එයට වැටී තිබෙනවා.

කෙසේ නමුත් දරුවා කඩිනමින් පළුකාමම් ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර ඇතත් ඒ අතරතුරදී දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් පසුගිය දින කිහිපයේද මෙවැනි සිද්ධීන් කීපයක් වාර්තා වූණා.
ඒ අනුව, පසුගිය 29 වනදාද කුඩා දරුවන් දෙදෙනෙකුට දිවි අහිමිවීමේ පුවත් වාර්තා වූයේ පුත්තලම සහ හසලක යන ප්‍රදේශවලින්.
පුත්තලම – කල්අඩිය ප්‍රදේශයේ වයස අවුරුදු දෙකහමාරක කුඩා දරුවෙකු නිවසේ තිබු වේදනා නාශකයක් පානය කිරීමෙන් ඇතිවු අසාද්මිකතාවක් නිසා ජීවිතක්ෂයට පත් ව තිබුණා.
එසේම හසලක – ඇටබගොල්ල ප්‍රදේශයේදී ලොරි රථයක පිටුපස රෝදයකට යටවීමෙන් ද අවුරුදු එකයි මාස 10ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබුණේ මව සහ පියා සමඟ එම දැරිය ඥාති නිවසකට ගොස් තිබූ අවස්ථාවේදීයි.
දෙමාපියන් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබදව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය මෙලෙස කරුණු පැහැදිලි කර සිටියා.
source :- https://tinyurl.com/32yjmxd8







