ජාතික පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් පදනම් කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පෙරේදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වනවිට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඊයේ නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි දැක්වෙන්නේ ජාතික පුවත්පතක පල වූ ප්‍රවෘත්තියක් පදනම් කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදු කර ඇති තර්ජනය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

එමෙන්ම ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවට පොරොන්දු දුන් වත්මන් ආණ්ඩුව තම මතයට ගරු නොකරන මාධ්‍ය ආයතනවලට තර්ජනය කරමින් පීඩනයක් එල්ල කරමින් සිටින බවත් ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවට පොරොන්දු දුන් වත්මන් ආණ්ඩුව තම මතයට ගරු නොකරන මාධ්‍ය ආයතනවලට තර්ජනය කරමින් පීඩනයක් එල්ල කරමින් සිටින බවත් එම නිවේදනයේ සඳහන්.

1988/89 පාලන සමයේදී තම නියෝගවලට එරෙහිව කටයුතු කළ තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස්, කුලසිරි අමරතුංග, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි මාධ්‍යෙව්දීන්ට ජනතා විමුක්ති පෙරමුණ පිළිතුරු ලබා දුන්නේ ගිනි අවියෙන් බව ද සමගි ජන බලවේගය සිය නිවේදනය මගින් සිහිපත් කරනවා.

අද ගිනි අවියෙන් පිළිතුරු නොදුන්නත් සුපුරුදු පරිදි ජනමාධ්‍ය ඇමතිවරයා තර්ජනාත්මක ප්‍රකාශ තුළින් මාධ්‍යයට පීඩනයක් එල්ල කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ජනමාධ්‍ය අමාත්‍යවරයා ජනමාධ්‍ය බය කරමින් තමන්ට අකැමැති මත දරන්නන් මර්දනය කිරීමට ක්‍රියා කරන්නේ දැඩි උද්දච්ච භාවයෙන් වහසි බස් දොඩවමින් බව ද එම නිවේදනයේ සඳහන්.

ජනමාධ්‍යයේ අයිතිය සහ සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙලෙස ක්‍රියා කිරීම වහාම නතර කළ යුතු යැයි ද සමගි ජන බලවේගය නිවේදනය මගින් අවධාරණය කරනවා.

source :- https://tinyurl.com/3xv77ufm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here