
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ වෙසෙන පලස්තීනු වැසියන් 68 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ, දකුණු ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමී සංවිධානයේ ආරක්ෂක අංශ ප්‍රධානියා සහ සරණාගයින් 9 දෙනෙකු මිය ගිය පිරිසට අයත් බවයි.
එමෙන්ම, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මාස 14 ක යුද්ධයේදී සිවිල් වැසියන් සඳහා මානුෂීය කලාපයක් ලෙස නම් කරන ලද අල්-මවාසි ප්‍රදේශයට මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කළේ.

source :- https://tinyurl.com/2tm4vvaa








