
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් ඇතුළු මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් මේ මොහොතේ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ විශ්වවිද්‍යාලය ඉදිරිපිට ගලහා මංසන්ධියේ දැවැන්ත උද්ඝෝෂණයක යෙදී සිටිනවා.
මේ සමග පේරාදෙණිය පොලිසිය විසින් එක මං තීරුවක් වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
ඒ හේතුවෙන දැඩි රථ වාහන තදබදයක් මේ අවස්ථාවේ මතුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කොතලාවල විශ්විද්‍යාලය මගින් වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට එරෙහිව මේ විරෝධය දක්වන බවයි එම සිසුන් පවසන්නේ.
රජයේ වෛද්‍ය පීඨ සඳහා වෙන්කර තිබූ රෝහල් පෞද්ගලික අංශයේ විශ්විද්‍යාලවලට ලබාදීමට විරෝධය දක්වමින් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව මෙම විරෝධය පවත්වන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති රසුල් බණ්ඩාර පවසන්නේ.
source :- https://tinyurl.com/2cm75h2c







