ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධනය පිළිබද යෝජනාවට අදාළව මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් සිදු කෙරෙන මහජන අදහස් විමසීම අද සිදු වන්නේ ඌව පළාත කේන්ද්‍ර කර ගනිමින්.

ඒ අනුව, අද දිනයේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම මහජන අදහස් විමසීම සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කළේ.

මෙම මහජන අදහස් විමසීම ආරම්භ වූයේ පසුගිය දෙසැම්බර් 17 වැනිදා සිටයි.

ඒ අනුව, මුලු දිවයිනම ආවරණය වන පරිදි පළාත් මට්ටමින් එය සිදු කරමින් පවතින අතර, මෙම ක්‍රියාවලිය අවසානයේදී නව වසරේ ජනවාරි මස 17 වැනිදා විදුලි ගාස්තු පිළිබද අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

source :- https://tinyurl.com/bddvnbf6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here