ගොඩ බෑමේ ආම්පන්න සම්බන්ධයෙන් මතු වූ දෝෂයක් හේතුවෙන් දකුණු කොරියාවේ – ගිම්පෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වූ ජේජු ගුවන් සේවයට අයත් යානයක් යළි ගොඩබස්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යානය තුළ සිටි මගීන් 161 දෙනා සහ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව ගොඩ බැස්වූ අතර, ඔවුන් සියලු දෙනා සුරක්ෂිත බවයි.

ඊයේ දිනයේත් ජේජු ගුවන් සේවයට අයත් මෙම මාදිලියේම යානයක් දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්වීමේදී අනතුරට ලක් වු අතර ඉන් මගීන් 179 දෙනෙකු මිය ගියා.

source :- https://tinyurl.com/yn8tyhvn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here