
රුපියල් මිලියන 9ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ තවත් ව්‍යාපාරිකයෙකු පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සදහන් කළේ, තවත් ව්‍යාපාරිකයෙකුගෙන් මෙම මුදල අල්ලස් ලෙස ලබාගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කරගත් එම ව්‍යාපාරිකයාගේ ඥාතියෙකුගේ ඉඩමක් වෙනුවෙන් වන්දි ලබාදීම කඩිනම් කරන බවට පොරොන්දු වෙමින් අදාළ අල්ලස ලබාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/ym5uz4tm







