වන අලි ගම් වැදීම පාලනය කිරීම සදහා මුරපොළ යෙදීම අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර තිබෙනවා.

එම කොට්ඨාසය තුළ මුර කුටි 12ක් ඉදිකිරීමට පියවර ගෙන ඇති අතර, ඒවා ඉදි කිරීම සිදු වන්නේ ප්‍රජා හා සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තුවේ සහය මතයි.

එම ඉදිකිරීම් අවසන් වූ පසු දෛනිකව සිවිල් ආරක්ෂක සෙබලුන් මුර කුටිවලට යොදවා ගෙන වන අලි ගම් වැදීම පාලනය කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා.

මෙම වැඩසටහන සාර්ථක වන්නේ නම් ඉදිරි වර්ෂය තුළ අනෙකුත් දිස්ත්‍රික්කවලද එය ක්‍රියාත්මක කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

source :- https://tinyurl.com/ntne2rum

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here