
දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
මීට පෙර ජනපති යූන් සුක් යෙයොල්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ අතර ඉන් සති දෙකකට පසුවයි මෙම වැඩබලන ජනාධිපතිවරයාටත් දෝෂාභියෝගයක් ගෙන ඒමට තීරණය කර ඇත්තේ.

source :- https://tinyurl.com/4d69e4ja








