යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීම හෙට සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව හෙට දිනයේ දී මධ්‍යම පළාතේ එම කටයුතු සිදු වන්නේ, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රයේදීයි.

මීට අමතරව ලබන 30 වනදා ඌව පළාත සඳහාත්, ලබන ජනවාරි 3 වනදා සබරගමුව පළාත සඳහා මහජන අදහස් විමසීම සිදු කෙරෙනවා.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ බස්නාහිර පළාතට අදාළ මහජන අදහස් විමසීම ලබන ජනවාරි 10 වනදා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදු කිරීමට නියමිතයි.

විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට ප්‍රතියෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම පසුගිය දා ප්‍රකාශයට පත් කළ අතර විදුලි ගාස්තු පිළිබද අවසන් තීරණය ලබන ජනවාරි 17 වනදා ප්‍රකාශයට පත් කරන බවයි එම කොමිසම මීට පෙර නිවේදනය කළේ.

source :- https://tinyurl.com/3dx2hpva

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here