බීමතින් රිය පැදවූ පුද්ගලයින් 395 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (26) උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත උත්සව සමයේ රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම රථවාහන මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ පසුගියදායි.

ඒ අනුව, බීමත් රිය පදවන්නන් ඇතුලු අනෙකුත් මාර්ග නීති උල්ලංඝනය කරනු ලබන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අදත් ක්‍රියාත්මකයි.

source :- https://tinyurl.com/mphpdwzf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here