
ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඇය 69 වියේ පසු වුණා.
එංගලන්තයේ සිටින තම දියණිය බැලීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් එරට රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස මියගොස් ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ප්‍රකාශ කළේ.

උසස් පෙළ දේශපාලන විද්‍යා ගුරුවරියක් ලෙස සේවය කර ඇති ඇය පසුගිය මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කය සදහා තරග වදිනු ලැබුවා.
source :- https://tinyurl.com/bdfe6drp







