
දික්වැල්ල, වත්තේගම ප්රදේශයේදී 69 හැවිරිදි කාන්තාවකට හඳුනානොගත් එන්නතක් විද ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු දික්වැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 42 ක් වන සැකකරු දඔගස්ආර ප්රදේශයේ පදිංචි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිසිය සඳහන් කරන්නේ ඉඩමක ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුකර ඇති බවට විමර්ශනයේදී කරුණු අනාවරණය වූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
source :- https://tinyurl.com/mr37cfrx







