
ඇතැම් පිරිස් ආගම්වලට අපහාස වන ආකාරයෙන් සිදු කරන ක්‍රියාවන් වැළැක්වීම සඳහා වගකිව යුතු අංශ වහාම මැදිහත් විය යුතු බව මල්වතු හා අස්ගිරි පාර්ශව වල මහා සංඝරත්නය අවධාරණය කරනවා.
එම පාර්ශව වල මහනාහිමිවරුන් මේ බව කියා සිටියේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ පිරිසක් උන්වහන්සේලා දැනුවත් කිරීම සඳහා පැමිණි අවස්ථාවේදීයී.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් චීවරයකින් සැරසුණු පුද්ගලයෙකුගේ ලෙඩ සුව කරන බව කියන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා රාවණා බලය සංවිධානය සහ සිංහලේ සංවිධානය ඊයේ මල්වතු පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දුටුවා.
මේ අතර දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සඳහා ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් අස්ගිරි මහා විහාරය වෙත ගොස් තිබුණා.







