
ඊයේ (24) රාත්රී කාලයේ වැල්ලව පොලිස් වසමේ මරළුවාව ප්රදේශයේ නිවසක සිටි අඹු සැමි යුවළකට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බවට වැල්ලව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අඹු සැමි යුවල කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මිය ගොස් ඇති අතර, කාන්තාව රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බව සඳහන්.
මරණකරු වයස අවුරුදු 32 ක් හා තුවාලකාරිය වයස අවුරුදු 30ක් වන මරළුවාව ප්රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි අඹු සැමි යුවලක් බවයි වාර්තා වෙන්නේ.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
source :- https://tinyurl.com/23ah5fhx







