ඇප මත නිදහස් වූ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුට එරෙහිව වරෙන්තුවක් නිකුත්කර තිබෙනවා.

ඇප මත නිදහස් කිරීමේදී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස “කුඩු සළිඳු” නැමැත්තාට අධිකරණය විසින් කොන්දේසියක් පනවා තිබුණා.

එහෙත්  ඔහු ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැති බවයි පැවසෙන්නේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (23) කරුණු වාර්තා කර තිබෙනවා.

එම කරුණු සැලකිල්ලට ගෙන “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙන්නේ.

source :- https://tinyurl.com/3d4r9tuv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here