
දිවයින පුරා මගී ප්‍රවාහන බස් රථ විශේෂ පරීක්ෂාවක් ආරම්භ කර තිබෙනවා.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත මෙම පරීක්ෂාව ආරම්භ කර ඇත්තේ සිදුවන රිය අනතුරු ඉහළයෑම හේතුවෙන්.
පසුගිය දින කිහිපය තුළදී මගී ප්‍රවාහන බස් රථ අනතුරට ලක්වූ අතර එම අනතුරු පසුබිම් කරගෙනයි මෙලෙස මගී ප්‍රවාහන බස් රථ විශේෂ පරීක්ෂාවක් ආරම්භ කර ඇත්තේ.

මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ ධාවනයේ යෙදුණු රියදුරන් සම්බන්ධයෙන් ද පොලිසියට තොරතුරු වාර්තා වී තිබෙනවා.
පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනයේ යෙදෙන බස් රථ රියදුරන් ගැන තොරතුරු වාර්තාවන්නේ නම් ඒ පිළිබද පොලිසිය දැනුවත් කරන ලෙසයි.
ඒ අනුව නොසැලකිලිමත් ලෙස රිය පැදවීම වැනි තොරතුරු ‘119’ සහ ‘1997’ යන දුරකථන අංක වෙත යොමු කළ හැකි බවද සඳහන්.
source :- https://tinyurl.com/yckhan62







