
උළුක්කුලම පොලිස් වසමේ පාවක්කුලම ප්රදේශයේ කිඹුලෙකු විසින් සපා කෑමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ අවුරුදු 67 ක් වූ පුදුකුඩුමනේ, සුඩුවේන්ද්රපිලව් ප්රදේශයේ පදිංචිකාරියක්.
මරණකාරිය ගවයන් රැගෙන යමින් සිටියදී ඇලක සිටි කිඹුලෙකු විසින් සපා කෑමෙන් මෙම මරණය සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

උළුක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශනය කරනු ලබනවා.
source :- https://tinyurl.com/yyfjncsb







