පසුගිය පැය 24 තුළ විවිධ ප්‍රදේශවල වාහන ගැටීම් 10 කින් මරණ 13ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරනවා.

මේ අතර හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මල්ලියප්පු ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් ඊයේ (21) පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් 46 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා හැටන් දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, මිය ගිය අය අතර, අවුරුදු 12 ක ළමයෙකුද වන බවයි. ඊට අමතරව කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකුද මෙම අනතුරින් මිය ගියා.

හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි තේවත්තකට පෙරළි ගොස් තිබුණා.

එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුව ආසන්නයේදී ඊයේ (21) අලුයම සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලැබුවා. පොලිසිය සදහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල කොටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු සහ අවුරුදු 75ක් වයසැති කාන්තාවක් බවයි.

source :- https://tinyurl.com/ybk2uzkk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here