
මාවරමංඩිය දෙස සිට කඩවත දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කනුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු හා පසුපැදිකරු රාගම රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු ජීවිතක්ෂයට පත්වුණා.
මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ වයස අවුරුදු 21ක් වූ සිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
source :- https://tinyurl.com/2zppnz6p







