පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක පවසනවා.

ජනපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.

එහිදී ජනපතිවරයා සඳහන්කර සිටියේ මෙවැනි අදහසක්.

“මේ නිසා අප නැවත ඩොලර් අර්බුදයකට මුහුණ දේවි යැයි සැකයක් තියාගන්න එපා.අප මහ බැංකුව සමග දීර්ඝ සාකච්ඡාවක් කොට වාහන ආනයනය සඳහා පිටමං වන ඩොලර් ගැන ඇස්තමේන්තුවක්කර තිබෙනවා. ඒ කොච්චර ප්‍රමාණයක් ආර්ථිකයට ඔරොත්තු දෙනවද කියලා අපි සැලකිල්ලට භාජනයකර තිබෙනවා.නමුත් අපි විශ්වාස කරනවා අපේ රටේ ආර්ථිකය උද්දීපනයක් ඇති කරන්න නම් වාහන වෙළඳපොළ විවෘත කරන්න කටයුතු කරන්න ඕනි. ඒ නිසා අපි ඒ පිළිබඳව දැඩි ස්ථාවරයකින් යුක්තව වාහන වෙළඳපොළ විවර කරන්න අපි කටයුතු කරනවා.”

source :- https://tinyurl.com/54ym2cbu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here