
2020 වසරේ ප්‍රංශයේ සිට නීති විරෝධී ලෙස මත්පෙති 5,000කට අධික සංඛ්‍යාවක් මෙරටට ආනයනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ 12, මිරානියා වීදියේ පදිංචි විතිකරුවෙකුට මෙසේ දඬුවම් නියම වුණා.
2020 වසරේ ජූලි මස 10වනදා ප්‍රංශයේ සිට නීති විරෝධී මත්පෙති 5,716ක් මෙරටට රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ලැබූ අතර ඉන් පසුව ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කරනු ලැබුවා.

දීර්ඝ විභාගයෙන් අනතුරුව විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරු අදාල චෝදනාවලට වරදකරු කරන බවයි.
දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලිෂාන් රත්නායක සඳහන් කළේ වර්තමානයේ තරුණ තරුණියන් අතර මෙවැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් තිබෙන බවයි.
එබැවින් එවැනි ක්‍රියා අධෛර්යමත් කිරීමට හැකිවන ආකාරයේ දඬුවමක් විත්තිකරුට ලබාදෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝග නිකුත් කළා.
source :- https://tinyurl.com/yc53vbhf







