ඉන්දීය සාගරයේ පිහිටි ප්‍රංශයට අයත් ‘මයෝට්’ දූපතේ ඇතිවූ චිඩෝ සුළි කුණාටුවෙන් පුද්ගලයින් සිය ගණනක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් එම මාධ්‍ය වාර්තාවේම සඳහන් වන්නේ එය 1,000 කට ආසන්න විය හැකි බව මයෝට් ප්‍රාන්ත නායක ෆ්‍රැන්කොයිස්-සේවියර් බියුවිල් ප්‍රාදේශීය පුවත් සේවයට ප්‍රකාශ කළ බවයි.

මයෝට් දූපත ආශ්‍රිත කලාපයට එල්ල වූ චිඩෝ සුළි කුණාටුව පැයට කිලෝමීටර 225 කට වැඩි වේගයකින් හමාගොස් තිබෙනවා.

එම සුළි කුණාටුවෙන් දූපතේ ජනාවාස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එහි වාසය කළ බොහෝ දිළිඳු ජනතාව ජීවත් වන පැල්පත් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මයෝට් දූපතේ ජනගහනය තුන්ලක්ෂ විසිපන්දහසක් පමණ වන අතර, ඔවුන්ට මේ වන විට ආහාර, ජලය සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවී ඇති අතර, බහුතර ජනතාව අවතැන් තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

මැඩගස්කරය ආසන්නයේ පිහිටා ඇති මයෝට් දූපතේ විදුලි සැපයුමද සුළි කුණාටුව හේතුවෙන් බොහෝ සෙයින් අඩාල වී තිබෙනවා.

source :- https://tinyurl.com/ycys8ah6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here