
අමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ, ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් රදවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සහ මෑත කාලීන සිරියාවේ තත්ත්වය පිළිබදවයි.
ට්‍රම්ප් ලබන මස අමෙරිකානු ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට පෙර මෙම ගැටලුව විසදා නොගතහොත් ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත්තේ, ඔහුට සිරියාව සමග ගැටුම් ඇති කර ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.
තම දේශසීමා ප්‍රදේශ සිය පාලනය යටතට ගැනීම පමණක් අපේක්ෂා කරන බවද ඔහු පවසා තිබෙනවා.
ගාසා තීරයේ ගැටුම් වලින් මේ වනවිට පුද්ගලයින් 45,000ක් පමණ මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
source :- https://tinyurl.com/ym94mu2t








