හඳුනානොගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් උතුරු පළාතේ මියගිය 07 දෙනාගෙන් ලබාගත් සාම්පලවලින් කිහිපයකම මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් වෛරසය පවතින බවට තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණි දබරේරා මේ බව කියා සිටියේ, කොළඹ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී ඇය සඳහන් කළේ, මියගිය රෝගීන් 7 දෙනාගේ සාම්පල ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ මහනුවර ජාතික රෝහලේ රසායනාගාරයට යවා පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති බවත්,  රෝගීන් කිහිප දෙනෙකුගේ සාම්පල් නියැදී මී උණ ලෙස තහවුරු වී තිබෙන අතර, අනෙකුත් පර්යේෂණ කටයුතු සිදු කරමින් පවතින බවයි.

source :- https://tinyurl.com/y9c6u7kh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here