සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරගයෙන් කඩුලු 03 ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම ඊයේ(16) සමත් විය.

එම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50 හ අවසානයේ කඩුලු කඩුලු 08 කට ලකුණු 260 ක් රැස් කළා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න සිය මංගල එක්දින ශතකය රෑස් කළේ පන්දු 98 කින් ලකුණු 101 ක් වාර්තා කරමින්.

මෙම ශතකයත් සමඟින් චමරි අතපත්තුගෙන් පසුව ජාත්‍යන්තර ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට පත්වීමටද විශ්මි සමත්වුණා.

එලෙසම මෙම ශතකයත් සමඟින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශතක වාර්තා කළ ශ්‍රී ලාංකිකයින් අතරින් ලාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තා අතරට එක්වීමටද විශ්මි ගුණරත්න සමත්වුණා.

ඇය එම වාර්තාව පිහිටුවීමට සමත් වූයේ අසංක ගුරුසිංහ , අරවින්ද ද සිල්වා වැනි විශිෂ්ටයින් අභිභවා යමින් වීම විශේෂත්වයක්.

ලබාලතම ජාත්‍යන්තර ශතක ලාභී ශ්‍රී ලාංකිකයින්.

  • විෂ්මි ගුණරත්න | 101 vs IRE ( 18y 360d )
  • චමරි සෙනෙවිරත්න | 105* vs PAK ( 19y 154d )
  • අසංක ගුරුසිංහ | 116* vs PAK ( 19y 187d )
  • අරවින්ද ද සිල්වා | 122 vs PAK ( 19y 364d )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here