වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක් අද (11) ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

එසේ ගිනි ගැනීමට ලක්වූ නිවස මුළුමනින්ම විනාශ වී ඇති බවටයි වාර්තා වෙන්නේ.

ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණා.

අසල්වාසී නිවසකටද මෙම ගින්න පැතිර යමින් තිබූ අතර, ප්‍රදේශවාසීන් එක්ව එය පාලනය කිරීමට ද සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවට සඳහන්.

එම ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

source :- https://tinyurl.com/kpnpzemv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here