ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතාව වූ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

රුසියාවේ මොස්කව් නුවර දී එම ගිවිසුම අත්සන් තබා ඇත්තේ, රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. බී. එස්. සී. නෝනිස් සහ රුසියානු ෆෙඩරල් රේගු සේවයේ ප්‍රධානී වී. අයි.පිකලොව් විසින්.

ද්විපාර්ශවීය වෙළෙඳ ගනුදෙනුවලදී රේගු කටයුතු නීත්‍යානුකූලව සහ විධිමත්ව පවත්වා ගෙන යාම සදහා මෙන්ම දෙරට අතර වෙළෙඳාම වර්ධනය කර ගැනීම අරමුණු කරගනිමින් මෙම ගිවිසුම අත්සන් තබා තිබෙනවා.

source :- https://tinyurl.com/y3csee48

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here