
රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීම කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදී කැබිනට් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ ආරවුල් නිරාකරණය කිරීම සඳහා වන යාන්ත්‍රණය සම ක රාජ්‍ය සේවය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2024 නිකුත් කර තිබෙන බවයි.
අමාත්‍ය මණ්ඩලය තීරණය මඟින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික සහ විශේෂඥ සහාය ලබා ගැනීමට අනුමැතිය ලබා දී ඇති අතර, එකී යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්ගේ සාමය ගොඩ නැගීමේ අරමුදලින් ව්‍යාපෘති ආධාර ඉල්ලා තිබෙනවා.

ඒ අනුව, ” ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය” නැමති නව ව්‍යාපෘතිය යටතේ ” රාජ්‍ය සේවයේ සමාජ කතිකාවත වැඩසටහන ” සහ ” පෞද්ගලික හා අවිධිමත් ආර්ථීක අංශ දෙකෙහි සමාජ කතිකාවත ප්‍රවර්ධන වැඩ සටහන ” යනුවෙන් වැඩසටහන් දෙකක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 02 ක් ලබා දී තිබෙන බව කැබිනට් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
එකී වැඩසටහන් අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකයෝ සමසභාපතිත්වයෙන් යුත් අන්තර් සමායෝජන කමිටුවක් මඟින් සම්බන්ධී කරණය කරමින් 2024-2026 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කරමින් අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අගැමැතිවරිය ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.
source :- https://tinyurl.com/3yb39dx5







