
ඊශ්‍රායල ජාතික කාන්තාවන් තිදෙනකු ලැගුම් ගෙන සිටි වෙන්නප්පුවේ හෝටලයක් ළඟ සැක කටයුතු ලෙස රැඳී සිටි තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් වෑන් රථයකින් පැමිණ හෝටලටයට ආසන්න වෙරළ තීරයේ රැඳී සිටි බවයි වෙන්නප්පුව පොලිසිය පවසන්නේ.
මෙම සැකකරුවන් හේතුවක් රහිතව පැය කිහිපයක් පුරා වෙරළ තීරයේ රැඳී සිට තිබෙනවා.

වෙන්නප්පුව පොලිසියට ලද තොරතුරක් මතයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එම පිරිස පේසාලේ ප්‍රදේශයේ අවුරුදු. 18, 20, 27 යන වයස්වල පසු වන අය බවයි වාර්තා වන්නේ.
පොලිසියට ලද තොරතුරකට අනුව ඉකුත් (24) වැනිදා මධ්‍යම රාත්රියේදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
source :- https://tinyurl.com/3yc57ujz







