
ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ දක්වා වූ සිවගංගෙයි මගී ප්‍රවාහන නෞකා සේවය අද (16) සිට යළි ආරම්භ කිරීමට නියමිතය.
මෙහි ගමන් ගන්නා මගියෙකුගෙන් සාමාන්‍ය ආසනයක් සඳහා ඉන්දීය රුපියල් පන්දහසක්(ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රු.18,000ක්) සහ සුඛෝපභෝගී ආසනයක් සඳහා ඉන්දීය රුපියල් හත්දහස් පන්සීයක් (ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රු.27,000ක්) අය කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මෙම මගී ප්‍රවාහන නෞකාවේ සාමාන්‍ය ආසන 133ක් පවතින අතර, එහි පනවා ඇති සුඛෝපභෝගී ආසන සංඛ්‍යාව 27ක්.

මෙම යාත්‍රා සේවාව සතියේ දින හතේම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.







