කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ හතරවන මහලෙන් ඇද වැටී මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

ඒ, රාගම ශික්ෂණ රෝහලේදීයි.

මේ අතර, ඊයේ පස්වරුවේ මෙම ස්ථානය මහර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂකවරයා පරික්ෂාවට ලක්කළා.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිසුන් ඇතුලු 21 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මියගිය සිසුවා එම විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පිඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන 24 හැවිරිදි රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු තවත් සරසවි මිතුරන් පිරිසක් සමග ශිෂ්‍ය නේවාසිකාගාරයේ හතරවන මහලේ මත්පැන් පානය කර ඇති අතර පසුව එහි ජනේලයක් මත නැගී පහලට මුත්‍රා කරන අවස්ථාවේ ඉන් පහලට ඇද වැටෙන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

source :- https://tinyurl.com/mry72t57

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here