ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු අනතුරු ඇඟවීමත් සමඟ මෙරට පොලිසියේ ප්‍රකාශය ද පදනම් කර ගනිමින් විශාල පිරිසක් එකවිට එක්රැස් නොවීමට වගබලා ගන්නා ලෙස රුසියානු තානාපති කාර්යාලය රුසියානු පුරවැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම මීට පෙර ආරුගම්බේ ප්‍රදේශය සඳහා එක්සත් රාජධානිය සිය සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබෙනවා.

එම ප්‍රදේශය සඳහා එක්සත් ජනපදය නිකුත් කර ඇති සංචාරක උපදෙස් උපුටා දක්වමිනුයි එක්සත් රාජධානිය ද සිය උපදෙස් යාවත්කාලීන කර ඇත්තේ.

source :- https://tinyurl.com/4fej7sa3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here