දේශගුණික විපර්යාසවල විනාශකාරී බලපෑම්වලට මුහුණ දීම සඳහා පාකිස්ථානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) අමතරව අමෙරිකානු ඩොලර් බිලියන 2ක් අපේක්ෂා කරන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්ථානයේ මුදල් අමාත්‍ය මුහම්මද් අවුරංසෙබ්, මේ මස අගදී පැවැත්වීමට නියමිත වාර්ෂික ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම්වල දී එම අරමුදල වෙතින් අමතර අරමුදල් ඉල්ලා සිටීමට නියමිත බවයි ආරංචි මාර්ග උපුටා දක්වමින් පකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ.

IMF සහ ලෝක බැංකු සමූහයේ 2024 වාර්ෂික රැස්වීම් අමෙරිකාවේ දී ඔක්තෝබර් 21 වන දින ආරම්භ වන අතර ඔක්තෝබර් 26 වන දින අවසන් වීමට නියමිතයි.

තව ද ප්‍රධාන අමාත්‍ය මණ්ඩල සැසිවාරය ඔක්තෝබර් 22 සිට 25 දක්වා පැවැත්වෙනවා.

පාකිස්ථානයේ මූල්‍ය ලේකම්, ආර්ථික කටයුතු ලේකම්, පාකිස්ථාන රාජ්‍ය බැංකුවේ අධිපති සහ මූල්‍ය අංශයේ අනෙකුත් ප්‍රධාන නිලධාරීන් ඇතුළත් දූත පිරිසක් ඊට සහභාගී වීමට නියමිතයි.

මීට පෙර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්ථානයට එහි බාහිර ණය ගෙවීමට ඇති හැකියාව පිළිබඳව කනස්සල්ල මතු කර ඇති අතර එය කණස්සලු සහගත තත්ත්වයේ ඇති බව ලේබල් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන යටතේ ඉදිරි වසර තුන තුළ පාකිස්ථානයේ බාහිර මූල්‍ය අවශ්‍යතා ඩොලර් බිලියන 62.6 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

2024-2025 සිට 2028-2029 දක්වා වසර පහක කාලයක් තුළ මෙම මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 110.5 දක්වා තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

source :- https://tinyurl.com/2je9t598

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here