අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාව ලෙස පැවති රුපියල් මිලියන 50ක මුදල රුපියල් මිලියන 150 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන වැටලීම් සඳහා මුදල් ලබා දීම පිණිස වැටලීම් අත්තිකාරම් ගිණුමක් පවත්වාගෙන යනු ලබන අතර, එම අත්තිකාරම් ගිණුමේ උපරිම වියදම් සීමාව රුපියල් මිලියන 50ක්.

අල්ලස් වශයෙන් ලබා දෙන මුදල නිශ්චිතව තීරණය කළ නොහැකි බැවින් සහ දැනට ලැබෙන අල්ලස් පැමිණිලි වල ස්වභාවය අනුව අල්ලස් අයදින මුදල ඉතා ඉහළ අගයක් ගනු ලබන බැවින් අදාළ උපරිම වියදම් සීමාව කඩිනමින් සංශෝධනය කළ යුතුව තිබෙනවා.

ඒ අනුවයි අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ උපරිම වියදම් සීමාව රුපියල් මිලියන 150 දක්වා වැඩි කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන්නේ.

source :- https://tinyurl.com/6rk5a682

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here