
වෙළෙඳපොළේ මේ වන විට නාඩු, සුදු කැකුළු සහ රතු කැකුළු සහල්වල හිඟයක් නිර්මාණය වී ඇති අතර, පාරිභෝගිකයින්ගේ වැඩි ඉල්ලුමක් පවතින නාඩු සහල් හිඟය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.
එවන් පසුබිමක මරදගහමුල සහල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සාමාජික එස්.එස් රණසිංහ කියා සිටියේ තම සංගමය සමග සිටින ව්‍යාපාරිකයින් සතුව ප්‍රමාණවත් තරම් සහල් තොග පවතින බවයි.
එසේ වුවද රජයේ පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බවයි ඔහු සදහන් කළේ.

මේ අතර, වෙළදපොලේ තවමත් නාඩු සහ සම්බා සහල්වල හිගයක් පවතින බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විදානගේ කියා සිටියේ.
කෙසේ වෙතත් හිටපු කෘෂිකර්ම අධ්යක්ෂ කේ.බී.ගුණරත්න කියා සිටියේ දැනට වෙළෙඳපොළේ පවතින සහල් හිඟය කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දක් බවයි.
මෙරට මහා පරිමාණ වෙළෙඳුන් 05 දෙනෙකු ඒ සදහා මුල්වී කටයුතු කරන බවද ඔහු පෙන්වා දුන්නා.
source :- https://tinyurl.com/34drxd3w








