තායිවාන ජනාධිපති විලියම් ලායි චීනය විසින් සිදු කරන ලද මහා පරිමාණ හමුදා අභ්‍යාසයට විරෝධය පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු පවසා ඇත්තේ චීනයේ අත්තනෝමතික ක්‍රියාපිළිවෙතට එරෙහි වනවා සේම “ප්‍රජාතන්ත්‍රවාදී තායිවානය ආරක්ෂා කිරීමට” කැපවන බවයි.

“බාහිර තර්ජන හමුවේ, ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස් ව්‍යවස්ථා පද්ධතිය ආරක්ෂා කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදී තායිවානයක් ආරක්ෂා කිරීමටත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත් රජය අඛණ්ඩව කටයුතු කරන බවට තායිවාන ජනතාවට සහතික වන බව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ද සටහනක් තබමින් තායිවාන ජනාධිපති විලියම් ලායි පවසා තිබෙනවා.

මේ අතර, තායිවානයේ වෙරළාරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ, සිය ප්‍රධාන දූපත වටා සිදුවන චීන හමුදා උපාමාරු මධ්‍යයේ, තායිවානයේ පිටත දූපතකට යාත්‍රාවකින් පැමිණි චීන ජාතිකයෙකු පසුගිය දා අත්අඩංගුවට ගත් බවයි.

“කුඩා බෝට්ටුවකින් පැමිණි එම චින ජාතියාගේ ක්‍රියාව චීන හමුදා අභ්‍යාසවලට අදාළ ආක්‍රමණයක් විය හැකි බව බැහැර කළ නොහැකි බවයි තායිවාන වෙරළාරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

source :- https://tinyurl.com/3mx2k5d5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here