තේ දළු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් දුම්රියේ ගැටිමෙන් ලොරි රථයේ රිය සහයකයා තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා.

කොළඹ කොටුව සිට ඇල්ල දක්වා ධාවනය වු 1007 විශේෂ මගී ප්‍රවාහන දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දක්වා ධාවනය කල අවස්තාවේ අද (14) පස්වරු 3.30ට පමණ හැටන් යුනිෆිල්ඩ් වත්තේ සිට එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව දක්වා තේ දළු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ ගැටී තිබෙනවා.

වංගුවක් සහිත එම ස්ථානයේ දුම්රිය ආරක්ෂක ගේට්ටුවක් සවි කර තිබුණද එම ගේට්ටුවේ මුරකරුවෙකු නොමැති නිසා ලොරි රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කල අවස්තාවේ දුම්රිය ඉදිරියට ධාවනය වෙමින් තිබූ බවත්, එම අවස්තාවේ ලොරි රථයට පිටුපසට ධාවනය කිරිමට උත්සහ කිරීමත් සමග දුම්රිය ලොරි රථයේ වම් පස ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

අනතුර සිදු වන අවස්තාවේ ලොරි රථයේ පිටුපස වතු කම්කරුවන් පස්දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරෙන් ලොරි රථයේ ඉදිරිපස ප්‍රදේශයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් හැටන් පොලිසිය සඳහන් කළ

ලොරි රථය දුම්රියේ ගැටිමෙන් පසු ධාවනය වු දුම්රිය නතර කර දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් තුවාලකරු රෝහල් ගත කර දුම්රිය ගමනාන්තය දක්වා ධාවනය කිරිමට පියවර ගෙන තිබුණා.

source :- https://tinyurl.com/mujshmuy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here