පස්වැනි ස්ටාර් ෂිප් රොකට්ටුව අභ්‍යවකාශගත කිරීම හරහා ලෝක ප්‍රකට ව්‍යාපාරික ඉලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම ඉතිහාසගත වී තිබෙනවා.

ඒ, නව කැච්-ලෑන්ඩින් ක්‍රමවේදය යොදා ගනිමින් යානය දියත් කිරිමට යොදා ගන්නා බූස්ටරය නැවත දියත් කිරීමේ කුළුණ වෙත ගෙන ඒමට හැකි වීම හරහායි.

රොකට්ටුවක් දියත් කිරීමට යොදා ගන්නා බුස්ටර් අභ්‍යවකාශයේදීම විනාශ වී අළු බවට පත්වන නමුත්, ස්පේස් එක්ස් සමාගමේ නව තාක්ෂණය තුළින් එම බුස්ටර් විනාශ නොවී යානය දියත් කළ කුළුනේ රැඳවුමේ යලි ස්ථානගත කිරීමට හැකි වීම මෙහි සුවිශේෂත්වය වනවා.

මෙම නව තාක්ෂණික ක්‍රමවේදය නව කැච්-ලෑන්ඩින් ක්‍රමය ලෙසයි ස්පේස් එක්ස් සමාගම නම් කර ඇත්තේ.

source :- https://tinyurl.com/2akzpc3a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here