
මාතලේ කොහොඹීලිවෙල ප්රදේශයේ ප්රධාන මාර්ගයේ වැටි කොරියන් ජාතික සංචාරක අයෙකුට අයත් ජංගම දුරකතනයක් සහ බැංකු කාඩ්පත් දෙකක් ඔවුන් සොයා ගොස් බාර දිමේ පුවතක් මාතලෙන් වාර්තා වනවා.
මෙම සිසුවා මාතලේ ක්රිස්තුදේව ජාතික පාසලේ පහ වසරේ ඉගෙනුම ලබන අකිත රිතුශාන් හෙලපිටගෙදරය.
මෙම ජංගම දුරකතනය පාසල් නිමවි නිවෙස බලා ගමන් කරමින් සිටියදි මාතලේ කොහොඹීලිවෙල මාර්ගයේ වැටි තිබු අයුරු ඔහු දැක ඇති අතර ඒ සමග සිටි මවට මේ පිළිබදව දන්වා ජංගම දුරකතනය අලවතුගොඩ ප්රදේශය දක්වා ගමන් කරමින් තිබු කොරියන් ජාතිකයින් ගමන් ගත් බස්රථය නවත්වාගෙන එම ස්ථානායටම ගොස් බාර දුන් බව අකිතගේ පියා පවසනවා.

කොරියන් ජාතික පිරිස විසින් ඔවුන්ට සිය ස්තුතිය පුද කළ බවත් ලංකාවේ අවංක සහ කෘතගුණ දන්නා මිනිසුන් සිටින බව ඔවුන්ට වැටහි ගිය බවද ඔවුන් පවසා තිබෙනවා.
වර්තමාන කාලයේදි මෙවැනි ක්රියාවක් සිදු කළ පාසල් දරුවාට සමාජයේ කාහටත් ආදර්ශයකි.
source :- https://tinyurl.com/mrxzwysb







