අනුරාධපුර, පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර හන්දිය ආසන්නයේදි බස් රථ දෙකක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

පාසල් සිසුන් රැගත් සිසුසැරිය බස්රථයක් සිසුන් නංවා ගැනීම සඳහා ශ්‍රාවස්තිපුර හන්දිය ආසන්නයේ නවතා තිබියදී ඒ පිටුපසින් පැමිණි ඇගලුම් සේවිකාවන් රැගත් බස්රථයක් සිසුසැරිය බස් රථයේ පිටුපස ගැටී මෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් සිසු සැරිය බස් රථයේ ගමන්ගත් සිසුන් සිව්දෙනෙකුත්, එම බස් රථයේ රියැදුරා සහ ඇගලුම්හල් සේවිකාවන් පැමිණි බස් රථයේ සිටි කාන්තාවන් 14 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් ඇඟලුම් කම්හල් සේවිකාවන් රැගෙන යමින් සිටි බස්රථයේ රියැදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here