අඹ ගෙඩියක් රුපියල් 2,85,000 ක මුදලකට වෙන්දේසිවීමේ සිදුවීමක් වවුනියාවෙන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

අප වාර්තාකරු පැවසුවේ වවුනියාව උක්කුලාංකුලම් ශ්‍රී සිද්ධ විනයාගර් කෝවිලේ වාර්ෂික මංගල්‍යයේදී එහි වෙන්දේසියට තබා තිබු අඹ ගෙඩියක් මෙලෙස වෙන්දේසි වී ඇති බවයි.

මංගල්‍යයේ හය වන දිනය වෙනුවෙන් ඊයේ  (14) රාත්‍රී මෙම වෙන්දේසිය පවත්වා තිබේ.

එහිදී අඹ ගෙඩිය වෙනුවෙන් ඉහළ ලන්සු පැවති අතර පසුව මෙසේ දෙලක්ෂ අසුපන්දහසකට මෙම අඹ ගෙඩිය වෙන්දෙසි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here