කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද වලකඩයාව ප්‍රදේශයේදී අද (11) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

ලංගම බස් රථ 2ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

මෙම අනතුර හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පානදුර සිට මහනුවර බලා ගමන් ගනිමින් තිබූ බස් රථයක් සහ කෑගල්ලේ සිට මාවනැල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක්.

source :- https://tinyurl.com/44zn2cn3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here