
ඉන්දීය නාවික හමුදාවට සහ ආරක්ෂක හමුදාවන්ගේ නිරීක්ෂණ හැකියාවන් සඳහා දේශීයව න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් නිෂ්පාදනයට සහ අමෙරිකාවෙන් ප්‍රෙඩේටර් ඩ්‍රෝන 31ක් මිලදී ගැනීමේ ප්‍රධාන ගනුදෙනු සඳහා ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටුව අනුමත කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
සැලසුම්වලට අනුව, ඉන්දීය නාවික හමුදාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ප්‍රහාරක සබ්මැරීන දෙකක් ලැබෙනු ඇති අතර එමඟින් ඉන්දියානු සාගර කලාපයේ සිය හැකියාවන් විවිධාංගීකරණය කිරීමට උපකාරී වනු ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
විශාකාපට්නම් හි නැව් තැනීමේ මධ්‍යස්ථානයේ දී මෙම සබ්මැරීන දෙක ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 45,000ක් පමණ වැය කිරීමට නියමිතයි.

එම නිපැයුම් ලාර්සන් සහ ටූබ්‍රෝ වැනි පෞද්ගලික අංශයේ සමාගම්වල ප්‍රධාන මැදිහත්වීමක් මත නිර්මාණය කිරීමට ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.
ආරක්‍ෂාව පිළිබඳ කැබිනට් කමිටුව විසින් අනුමත කර ඇති අනෙක් මෙගා ගනුදෙනුව වන්නේ, විදේශ මිලිටරි විකුණුම් කොන්ත්‍රාත්තුවක් යටතේ ඇමරිකානු ජෙනරල් ඇටෝමික්ස් වෙතින් ප්‍රෙඩේටර් ඩ්‍රෝන 31ක් මිලදී ගැනීමයි.
කෙසේ නමුත් අදාළ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එළඹෙන ඔක්තෝම්බර් 31 වැනි දා ට පෙර අමෙරිකාව සහ ඉන්දියාව මෙම ගනුදෙනු සඳහා එළඹීමට අපේක්ෂිත බවයි.
source :- https://shorturl.at/wWyo9








