හික්කඩුව, ගාලු පාරේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ඊයේ (14) සවස වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර තිබෙනවා.

කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි පුද්ගලයින් වහා ක්‍රියාත්මක වී තුවක්කුකරුවන් දෙදෙනා අල්ලා ගැනීමට යාමේදී ඔවුන් දෙදෙනා යතුරු පැදියේ නැගී අම්බලන්ගොඩ දෙසට පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ පුද්ගලයා එම ස්ථානයෙන් දිව ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට යාමේදී ගිනි අවිය නිසියාකාරව ක්‍රියාත්මක නොවි ඇති අතර T56 වර්ගයේ එක් ජීව පතොරමක් එම ස්ථානයේ වැටී තිබූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here