ගාල්ල බන්ධනාගාරයේ සිර වාට්ටුවල බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් සන්තකයේ සඟවාගෙන සිටි ජංගම දුරකතන 53ක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා.

පසුගිය 06 වැනිදා දවස පුරා මෙම සෝදිසි මෙහෙයුම් සිදුකර ඇති අතර, එම බන්ධනාගාරයේ ‘ඒ ’ සහ ‘බී’ සිර වාට්ටුවල තිබී මෙම ජංගම දුරකතන මෙන්ම ඊට අදාල උපාංග රැසක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

මෙම ජංගම දුරකතන සිර වාට්ටුවල බිත්ති තුළ, පැදුරු, කොට්ට තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබී ඇති අතර, ස්මාර්ට් වර්ගයේ දුරකතන 07ක් ද එලෙස සොයාගත් දුරකතන අතරට ඇතුළත්.

source :- https://tinyurl.com/49nakmen

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here