ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර සුවිශේෂී හමුවක් අද (04) කොළඹ පිහිටි ඉන්දිය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේ දී සිදුවුණා.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වර්තමානයේ රට මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාව දැනුවත් කරනු ලැබුවා.

රටක් ලෙස පවතින බංකොලොත්භාවයෙන් නැවත ගොඩ ඒමට ඉන්දියාව මෙතෙක් ලබා දුන් සුවිශාල සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තූතිය සහ ගෞරවය ඉන්දීය රජය වෙත පුදකරන බවත් ඉදිරියටත් අප රට වෙනුවෙන් තවතවත් සහයෝගය සහ ආධාර, උපකාර ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවේ පැවසුවා.

එසේම, ළඟම අසල්වැසියා සහ දිගුකාලීන මිත්‍රයා ලෙසින් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ඇති එකී සම්බන්ධතාව ඉදිරියටත් අපේක්ෂා කරන බවත් ඒ සඳහා තමාට ද ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා.

source :- https://tinyurl.com/2pnf9uba

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here