මාතලේ – මඩවලඋල්පත ප්‍රදේශයේදී සිදුවූ පහරදීමකින් 17 හැවිරිදි සිසුවෙකු මියගොස් තිබෙනවා.

මඩවල – නාලන්දවත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවා මිතුරන් දෙදෙනෙකු සමඟ මඩවලඋල්පත ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්.

අදාළ මිතුරෙකුගේ 16හැවිරිදි පෙම්වතිය බැලීමට ඔවුන් එලෙස එම ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී ඇයගේ පියා, සහෝදරයා ඇතුලු පිරිසක් හෙල්මටයකින් සහ මුඟුරුවලින් ඔවුන්ට පහරදී තිබුණා.

තුවාල ලැබූ සිසුන් තුන්දෙනා නාලන්දවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් අවුරුදු 55ක වයසැති පෙම්වතියගේ පියා අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

source :- https://tinyurl.com/48z8e6fp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here